කොවිඩ්19 රෝගය සම්බන්දයෙන් ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාර එකම වේදිකාවකට ගෙන ඒමේ අරමුණෙන් ක්‍රියාත්මක කරන www.covid19.gov.lk වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (27) වැනි දින සිදු කෙරිණි.
මෙම වෙබ් අඩවිය තුල ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු අන්තර්ගත කරනු ලැබේ.එමෙන්ම කොවිඩ්19 ව්‍යාප්තවීම සම්බන්ද සියලු තොරතුරු හා සොයාගැනීම සම්බන්දයෙන් වන තොරතුරුද ඇතුලත් කෙන්ද්‍රස්ථානයක් වශයෙන් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වනු ඇත.
ඊට අමතරව කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මෙම වෙබ් අඩවිය මගින් සෞඛ්‍යයට අදාළ සංඛ්‍යා ලේඛනවලට පමණක් නොව ආර්ථිකය, ආනයන හා අපනයන, සමාජ සුබසාධනය, නීතිය හා සාමය, සංචාරක, ප්‍රවාහන, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම,ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි තොරතුරුවලින් ද සමන්විතය.
මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) මඟිනි.