Friday, September 20, 2024

කොරෝනා සුවවූ පුද්ගලයෙකුට නැවතත් කොරෝනා ආසාදනය වෙයි.

Must read

පසුගිය මාර්තු 17වනදා කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අප්‍රේ්ල් 17වනදා සම්පූර්ණ සුවය ලබා නිවසට පැමිණි පුද්ගලයෙකුට නැවතත් කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෙසේ ⁣නැවතත් කොවිඩ්19 ආසාදනය වී ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.

සුවවී නිවසට පැමිනීමෙන් අනතුරුව නිවසේ නිරෝධායනය වෙමින් සිටි මෙම පුද්ගලයාට පපුවේ වේදනාවක් ඇතිවී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී සිදුකල PCR පරීක්ෂණයට අනුව ඔහුට නැවතත් කොවිඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.මේ වන විට ඔහු නැවතත් වැඩිදුර ප්‍රතිකාර සදහා අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article