Monday, November 18, 2024

කොරෝනා වෛරස් බිය නිසා චීන ජාතික සංචාරකයන්ට යන එන මං නැතිවන ලකුණු

Must read

ඇතැම් සංචාරක හෝටල් හිමියන් විසින් චීන ජාතිකයන්ට සිය හෝටල් වල නවාතැන් දීම ප්‍රතික්ෂේප කරන තත්වයක් උද්ගතවී ඇති බව වාර්ථා වෙයි. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරකයින්ගේ සංගමයේ සභාපති මහේන් කාරියවසම් මහතා සදහන් කර සිටින්නේ සියලුම චීන ජාතිකයන්ට වෛරසය ආසාදනය වී ඇති බව සිතා කටයුතු නොකරන ලෙසටයි. එමෙන්ම මේ වන විට දිවයින තුල චීන ජාතික සංචාරකයින් 800ක් පමණ සිටින බවත් ඒ මහතා සදහන් කරයි.

එමෙන්ම චීන ජාතිකයින් ඇතුළු තවත් පිරිසක් උණ හා කැස්ස ඇතුළු කොරෝනා වෛරස් ආසාදනයේ රෝග ලක්ෂණ සමග IDH රෝහලට ඇතුලත් කරගැනීමත් සමග රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇතැම් රෝගීන් ටිකට් කපාගෙන සිය නිවෙස් වෙත ගොස් ඇති බවද වාර්ථා වෙයි.

කෙසේ වෙතත් මේ තත්වයන් සැලකීමේදී මෙම වෛරස් ආසාදනය සම්බන්දයෙන් ජනතාව තුල අනවශ්‍ය බියක් ඇතිව තිබෙන බව පැහැදිලි වන අතර මේ අවස්ථාවේදී අනවශ්‍ය ලෙස බිය නොවන ලෙසට විශේෂයෙන් ජනතාවට දැනුම් දිය යුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article