Friday, September 20, 2024

‘කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත්, මැතිවරණ නොවෙයි කිසිවක් කරන්න බෑ’ -සෞඛ්‍ය සේවාවේ ඉහලම බලධාරියා කියයි

Must read

මැතිවරණ ක්‍රියාවලිය පැවැත්වීම සඳහා තමන් විසින් නිර්දේශයක් ලබා දී ඇතත්, යම් ලෙසකින් කොරෝනා වෛරසය තවත්

සති තුනකින් නැවත පැමිණියහොත් මැතිවරණ නොව කිසිවක් කළ නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඔහු එම කාරණය පැහැදිලි කරනු ලැබුවේ ජාතික නාලිකාවේ විශේෂ වැඩසටහනකට ඊයේ (මැයි 24) එක්වෙමිනි.

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත වන විට මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම ද උදාවන බව ඔහු එහිදී පැවසීය.

මැතිවරණයක් පැවැත්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවීමක් බවත් මැතිවරණ සිතියම හැකිලීම රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමිවීමක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

 

ජනාධිපති ලේකම්ට ලබාදුන් නිර්දේශය :

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙසේ ද පැවසීය.

”රාජ්‍ය සේවයේ පළමු නිලධාරියා ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් මහමැතිවරණය පැවැත්වීමට අදාළ රටේ සෞඛ්‍ය වාතාවරණය පිළිබඳව මගෙන් ලිඛිතව විමසීමක් කළා.

ඒ සඳහා රටේ පවතින සෞඛ්‍ය පසුබිම පිළිබඳව මා තොරතුරු දැනුම් දුන්නා. එය සිදුකළේ දේශපාලන කෝණයකින් බලා නොවෙයි.

රට යළි විවෘත වුවත් කොරෝනා රෝග අවදානම අඩු වන්නේ නැහැ. එනිසා වෙනදා මෙන් නොව අප එදිනෙදා කටයුතු කරන විට රෝග පාලනයට අදාළ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. ඒ සඳහා නිරෝධායන නීති තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි.

 

”දේශපාලන පක්ෂවල අවශ්‍යතා අනුව සෞඛ්‍ය තීන්දු තීරණ ගත්තේ නැහැ”

කොරෝනා වෛරස රෝගය පාලනයත් සමග රට යළි විවෘත කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. එබැවින් ඒ සඳහා බලපෑම් නොකරන ලෙස ඇතැම් දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අනුගමනය කරන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශයන්. එසේ තිබියදී ඇතැම් දේශපාලඥයින් රටේ විවිධ අංශ කඩිනමින් විවෘත කරන ලෙස බලපෑම් කරනවා. රාජ්‍ය සේවකයින් ලෙස එය අපට දැඩි පීඩනයකි.

රාජ්‍ය නිලධාරියකු ලෙස වසර තිහක පමණ සේවා කාලයේදී කටයුතු කළේ ස්වාධීනවයි. දේශපාලන පක්ෂවල අවශ්‍යතා අනුව සෞඛ්‍ය තීන්දු තීරණ ගත්තේ නැහැ.”

https://www.facebook.com/180seconds/videos/1174216229599618/

 

(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article