ගම්පහ නගරයේ පොදු වෙළඳපොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම හේතුවෙන් පවතින අවදානම සළකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ ඊයේ  (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව.

මේ වන විට කොරෝනා ව්‍යාප්තිය සම්බන්දයෙන් ගම්පහ නගරයේ දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වළකින ජනතාවට දැඩි ලෙස අවවාද කිරීමට සිදුව ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පවසයි.

හෙට (11) දිනයේ නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට නියමිතය.