Friday, May 17, 2024

කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ ගිනි අවිවල කොටස් ??

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුවායි ප්‍රදේශයේදී සොයාගත් සමූහ මිනීවලේ  භූමියේ කැණීම් කටයුතු දෙවන වරටත් ඊයේ (7) පවත්වන ලදී. ඒ් මෙම සමූහ මිනීවලේ  කැනීම් කටයුතු සැප්තැම්බර් 6 වැනිදා ආරම්භ කරන ලෙසට ලැබුණ  අධිකරණ නියෝග මතයි. ඒ් අනුව ඊයේ (7) වනදා  උදෑසන සිට කැණීම් යළි ආරම්භ කර තිබුනි. ඒහිදී  මුලතිව් දිස්ත්‍රික් විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව මහතා පැවසුවේ, මිනිස් ඇටසැකිලි සමඟ වෙඩි පහරවල් බවට සැක කෙරෙන ලෝහ කැබලි ද සොයාගත් බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ප්‍රධාන වශයෙන් ගිනි අවි වලට සම්බන්ධ බවට සැක කෙරෙන ලෝහ කොටස් සොයා ගෙන තිබෙනවා.ඇදුම්වල වෙඩි වැදිච්ච සලකුණු වගේ සලකුණු දකින්න පුළුවන්. සොයාගත් මිනිස් අස්ථි කොටස් වල වෙඩි වැදිච්චි සලකුණු තියනවාද කියලා සොයා බලන්න ඕනේ. මෙය වැදගත් මූලාශ්‍රවලින් එකක්, ඊට අමතරව සොයාගත් මූලාශ්‍ර සම්බන්ධයෙන් දැනගත හැක්කේ විශ්ලේෂණයෙන් පසුවයි.  තවත් වැදගත් ඉඟි කිහිපයක් අද සොයාගෙන තිබෙනවා යනුවෙන් අදහස් දක්වන ලදී.

මුලතිව් දිසා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන්, පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. වාසුදේව, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සී. ප්‍රනවන්, නීතිඥ රනිතා ඥානරාසා, වී.කේ. නිරංජන්, කොක්කෝලේ පොලිස් ස්ථාන භාර නිලධාරී, පොලිස් නිලධාරීන් ඉදිරියේ මෙම කැණීම් කටයුතු සිදුකරන ලදී.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article