Monday, September 14, 2026
spot_img

කොක්කුතොඩුවායි මිනීවලෙන් හමුවූ මිනිස් ඇටසැකිලි 94/96 කාලයට අයිතියි

Must read

කොක්කුතොඩුවායි  සමූහ මිනීවලෙන් ගොඩගත් දේහයන් 1994 සිට 1996 දක්වා දිවෙන බව මහාචාර්‍ය රාජ් සෝමදේව ඉදිරිපත්කර ඇති වාර්තාවේ දක්වා ඇත.  කොක්කුතොඩුවායි සමූහ මිනීවලේ කැණීම් කටයුතුවලට අදාළ නඩුව ඊයේ  (2024.01.22) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගැනිණි. එම නඩු විභාගයෙන් පසුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතීඥ වී.කේ නිරංජන් මේ  සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

එමෙන්ම මෙම ඇටසැකිලි වල ඉතිරි කොටස් කැණීම් කටයුතු මාර්තුු 4 වැනිදා ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලබා දෙන්නේ නම් කැණීම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එබැවින් නඩුව නැවත මාර්තු 4 වැනිදාට කල් තැබිණි.

ෂන්මුගම් තවසීලන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article