Thursday, May 29, 2025

කෙහෙලියගෙ පුතාටත් මාධ්‍ය හැඳුනුම්පතක් !

Must read

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වන රාජ්‍ය ආයතනයෙන්, පත්වන ආණ්ඩුවලින් සකස් කරන නිර්ණායක මත සිදු කරන, මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම නොකළ යුත්තකි.

මාධ්‍යවේදීන් හෝ එම කාර්‍යයේ යෙදෙන්නන් අසත්‍ය හෝ ද්වේෂ සහගත හෝ එවැනි ඒවා ජනතාවට සන්නිවේදනය කරන්නේ නම්, ඒවාට එරෙහිව අපහාස නඩු හෝ එවැනි නීති මගින් කටයුතු කළ හැකිය.

මාධ්‍යවේදියාගේ අනන්‍යතාව ඔහු හෝ ඇය නියෝජනය කරන ආයතනය මගිනුත්, මාධ්‍ය සමාජය සහ පොදු සමස්තය පිළිගන්නා එකතුවක් මගිනුත් සනාථ කළ යුතුය.
රජය හෝ එනමින් මෙවැනි අවස්ථාවල හඳුන්වන ආණ්ඩුව, එයින් බැහැර ව, වඩ-වඩාත් විවෘත විය යුතුය.

මාධ්‍යකරණයේ යෙදෙන්නන්, මාධ්‍ය වෘත්තිකයන් විය යුතුය. ආණ්ඩුව සීමා පැනවීමේ උපක්‍රමයෙන් බැහැර විය යුතුය. විවෘත විය යුතුය. ගැටලු විසඳාගත යුත්තේ යල්පැනගිය ක්‍රමවලට හෝ මර්දනීය ක්‍රමවලට නොවේ.

ඔය හැඳුනුම්පත නම් කෙහෙලිය ජනමාධ්‍ය ඇමති කාලයේ ඔහුගේ පුතා රමිතටත්, ඔහුගේ මිතුරන්ටත් තිබූ බව දැන් අනාවරණය වී තිබේ.

ඡායාරූපය :
අද (27) ජනමාධ්‍ය අමාත්‍යංශය අසල.

(ශාලික විමලසේනගේ ෆේස්බුක් පිටුවෙනි)

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article