Friday, May 17, 2024

කුලියාපිටිය ඔරලෝසු කණුව කඩාවැටීමේ අවදානමක

Must read

kuliyapitiya_clock_tower_2

උමං මාර්ගයක් ඉදිකිරීම සදහා බව කියමින් කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ පාදම පවා මතුවන අයුරින් පස් හාරා ඉවත් කිරීම හේතුවෙන්, එම ඔරලෝසු කණුව කඩාවැටීමේ අවදානමක් මතු වී ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා පසුගියදා වයඹ පළාත් සභා රැස්වීමේදී පැවසීය.

වයඹ පළාත් සභා රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ අදහස් දැක් වූ සමන්ප‍්‍රිය හේරත් මහතා, කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ පාදම මතුවන අයුරින් මේ වන විට එම ස්ථානයේ විශාල වලක් හාරා ඇති බව පැවසීය. එම වලේ ජලයද පිරී ඇති බැවින් නුදුරේදීම ඔරලෝසු කණුව කඩාවැටීමේ අවදානමක් පවතින බවද හෙතෙම පැවසීය. එම ස්ථානයට උමං මාර්ගයක අවශ්‍යතාවයක් නැති බවත්, උමං මාර්ගයකට වඩා එතැනට ගැලපෙන්නේ ගුවන් පාලමක් බවද මන්ත‍්‍රීවරයා පැවසීය. කුලියාපිටිය නගරයේ අනන්‍යතාවය ලෙස සැලකෙන ඔරලෝසු කණුව විනාශවන තෙක් නගරවාසීන් ලෙස තමන්ට බලා සිටිය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මන්ත‍්‍රීවරයා වෙත පිළිතුරු දෙමින් අදහස් දැක් වූ වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඔරලෝසු කණුවට හානියක් වන අයුරින් අදාල උමං මාර්ගය ඉදිකරතැයි තමන් නොසිතන බව පැවසීය. අද පවතින දියුණු තාක්ෂණය යොදාගනිමින් මහ මුහුද යට පවා හෝටල් ඉදිකෙරෙන කාලයක කුලියාපිටිය ඔරලෝසු කණුවත් කජ්ජක්දැයි මහ ඇමැතිවරයා මෙහිදී ප‍්‍රශ්න කළේය. ඔරලෝසු කණුව කඩාවැටෙන අයුරින් ඉදිකිරීම් සිදුකිරීමට තරම් අදාල ව්‍යාපෘතිය ඉංජිනේරුවන් හෝ ඉදිකිරීම් ශිල්පීන් මෝඩයින් නොවන බව කී ප‍්‍රධාන අමාත්‍යවරයා ඔරලෝසු කණුව කඩාවැටෙන්නේ නැති බවට තමන් වගකියන බවද වැඩිදුරටත් පැවැසීය.
http://www.wayambatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article