Wednesday, May 8, 2024

කුරුප් (Kurup)අමුතුම මාදිලියේ මලයාලම් චිත්‍රපටියකි. 

Must read

සේවයෙන් පැන ගිය හමුදා භටයෙකුවූ  ගෝපි ක්‍රිෂ්ණා (ජී.කේ) කුරුප් මැදපෙරදිග රටක ඉහල වැටුප් ලබන විදේශ වෘත්තීයකු බවට පත්වී පසුව අපරාධකරුවකු වී  පොලීසියෙන් ගැලවීමට  පලා යන අයෙකු බවට පත්වන ආකාරය “කුරුප්” Kurup චිත්‍රපටය තුලින් අපි දකින්නෙමු. 

එහෙත් චිත්‍රපටියේ කතාව ආරම්භ වන්නේ අතිශයින්ම කාර්යශූර පොලිස් නිළධාරීයකුවූ ක්‍රිශ්නදාස් ගේ සේවා කාලය අවසන් වන දිනට පසුදින ඔහු වෙනුවෙන් පවත්වන සමුදීමේ සරල උත්සවයකි. 

එම උත්සවය අතරතුරදී ක්‍රිශ්නදාස්ගේ දින පොතෙහි සදහන් තොරතුරු තිරය මත දිග හැරෙයි. එය වර්තමාන සහ අදට වසර  55ක් වැනි කාලයක් දක්වා දිවයන අතර චිත්‍රපටියේ සිද්ධි දාමයන් කේරලය, තමිල්නාඩුව, මුම්බායි(බොම්බේ) සහ මැදපෙරදිග දක්වා පැතිර යයි. එය කුරුප් ගේ කතාවයි.

ආරම්භයේදී  චිත්‍රපටියේ කතාව පිළිබඳව ප්‍රේක්ෂකයන් තුළ කිසියම් අදහසක් මතු කර ගත්තද චිත්‍රපටිය පුරාවටම ප්‍රේක්ෂකයා රසවිදින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතා තේමාවකි. 

ගෝපි ක්‍රිෂ්ණා (ජී.කේ) කුරුප් අතිශයින්ම සුවිශේෂී මිනිසෙකි. සාමාන්‍ය මිනිසෙකුට කිසි විටක තෘප්තිමත් කර ගත නොහැකි ආශාවන් පසුපස හමා යන හිතුවක්කාර කැරලිකරුවකි. ඔහුගේ දෑස්වල සෑම විටම උමතු අභිලාෂයක් ඇති අතර, පහසු, කැරලිකාර මාර්ග හරහා තමාට අවශ්‍යදේ සාක්ෂාත් කර ගැනීමේ ආශාවක් ඇති පුද්ගලයකු වුවද ඔහු ඉතාමත් රසවත් චරිතයකි.

ඔහුගේ ජීවිත භාවිතාවට අවසානයේදී  නීතිය ඉදිරියේදී වගකීමට සිදුවන බවක් හැගුනද, නීතිය සිදුර කරගෙන අපරාධකරුවන් තමන්ගේ අරමුණු කරා ලගාවෙන අයුරු සහ ලෝකය මේ තරම් ඛේදනීය ස්ථානයක් බවට පත්වන්නේ ඒ අපරාධකරුවන් ගේ සූක්ෂම බුද්ධිය නිසා බව අවසානයේ ප්‍රේක්ෂකයා අවබෝධය කර ගනියි. 

මෙම චිත්‍රපටියේ එකදු ගීතයක් හෝ සටන් ජවනිකාවක් නැත. මුල සිට අග දක්වාම පවතින්නේ දැඩි කුතුහලයකි.

චමත්කාරජනක දර්ශන තලයන් නැත.

කැමරා ශිල්පියාට සියල්ල පවසන්න සිදුවන්නේ චිත්‍රපටියේ චරිතය තුලින් පමණි. 

එහෙත් ප්‍රේක්ෂකයාට කිසිදු වෙහෙසක් නොදැනෙන්නේ අධ්‍යක්ෂකවරයා තම කැමරා ශිල්පියාව යොදාගෙන ඇත්තේ ඔහු තුළ ඇති අපරිමිත  නිපුණතාවය නිසාමය.

මෙම චිත්‍රපටිය මීට පෙරද චරණ රූපවාහිනී නාලිකාව තුලින් විකාශනය කළ අතර මා දන්නා පරිදි අද (2023.10.25.) විකාශනය වූයේ දෙවන වරටය.

අශානෝ 

2023.10.25.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article