කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා දමා සුළුතරයක් රහසේ හමුවී පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන පත්කර ගැනීම නීති විරෝධී බව නිල ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක සඳහන් කරයි.
අද (03) නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එය පහත දැක්වේ.
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සභානායක ධූරය හෝ පාර්ලිමේන්තුව තුළ වෙනත් ඕනෑම ධූරයක් සඳහා හෝ පත් කිරීම් සිදු කළ යුතු වන්නේ බහුතර එකඟතාවය අනුවය.
බහුතර බලයක් නොමැති කණ්ඩායමක් විසින් සභානායක තනතුර සඳහා කිසිවෙකු පත් කර ඇති බව නිවේදනය කිරීම පාර්ලිමේන්තු ප්රජාත්ත්රවාදයට පමණක් නොව සම්ප්‍රදායන්ටද අනුකූල නොවේ.
ඊයේ (02 වන දා) කතානායකතුමා හමුවූ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස පත් කිරීම පිළි නොගන්නා බව ප්‍රකාශ කළහ. එවන් පසුබිමෙක, මේ පත්වීමේ නිවේදනය නීති විරෝධී බව අවධාරණය කරමු.
එපමණත් නොව කුමන්ත්‍රණකාරි ලෙසින් අගමැතිවරයෙකු පත්කිරිම සම්බන්ධයෙන් දින ගණනාවක් ගොස් තිබුණද කිසිදු ජාත්‍යන්තර පිළිගැනිමක් හෝ සිදුව තිබුනේ නැත. එමෙන්ම ලොව රටවල් ගණනාවක් මෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය ලේකම් වරයාද අවධාරණය කර තිබුණේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැදවා ප්‍රශ්ණය විසදා ගන්නා ලෙසය.
මේ සියල්ල එසේ තිබියදි දැන් මේ සිදුවෙමින් ඇත්තේ ප්රජාතන්ත්රන්තිය අයිතිවාසිකම් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්රදායන්ද එකින් එක මංකෝල කනු ලබන තත්වයකට පත්ව තිබිමයි.