ඵෙතිහාසික කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ බිද එහි තිබූ නිධන් සොරුන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (31) රාත්‍රීයේදීය.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. පරීක්ෂණ වලදී සිදුවීම සම්බන්දයෙන් එක් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.