Saturday, March 7, 2026

“කීරිසම්බා හිඟවෙයි ! නාඩු හාල් නිෂ්පාදනය වැඩිවෙයි ?

Must read

කීරි සම්බා සහල් හිඟය ඇතිවී ඇත්තේ “වී” නිෂ්පාදනයේ පවතින ගැටලුවක් හේතුවෙන් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, ඩඩ්ලි සිරිසේන පසුගියදා මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

එහිදී “සහල් රටින් ගේන්න වෙයිදැයි සහ පාලන මිල ඉවත් කරන්න වෙයිදැයි යනුවෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සහල් ආනයනය කිරීම පිළිබඳව තමන්ට තීරණය කිරීමට නොහැකි බවයි.

කෙසේවෙතත් කීරි සම්බා සහල් හිඟය පිළිබඳව එහිදී මාධ්‍යවේදින් විසින් ඔහුගෙන් විමසූ අවස්ථාවේදී, මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා වෙළෙඳපොළේ නාඩු සහල් තිබෙන ආකාරය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කර තිබුණි..

, රුපියල් 230 ට පැවතුණු නාඩු සහල් මේ වන විට රුපියල් 170 ට පවතින බව ඔහු එහිදි සදහන් කර ඇත.

එහෙත්  රුපියල් 260 ට ලබා දිය යුතු කීරි සම්බා සහල් එම මිලට වෙළඳපොලේ නැති බවබ සදහන් කරමින් දුන් ඩඩ්ලි සිරිසේන පවසන්නේ, , මෙම ගැටලුවටට හේතුව වී ඇත්තේ වී නිෂ්පාදනයේ ගැටලුවක් බවය.

ගොවීන් විසින් නාඩු වී වැඩි ප්‍රමාණයක් වගා කර ඇති අතර, කීරි සම්බා වී ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් පමණක් නිෂ්පාදනය කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත් කීරි සම්බා හිඟයට විසඳුමක් නැත්දැයි මාධ්‍යවේදීන් විමසූ විට, ඩඩ්ලි සිරිසේන  මහතා “ඒකට මට කරන්න දෙයක් නැහැනෙ” යනුවෙන් පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article