Saturday, September 21, 2024

කිලිනොච්චියේ පාසලක දරුවන්ට අව්වේ විභාගය ලියන්නට සැලැස්වූ විදුහල්පති

Must read

කිලිනොච්චිය,ශාන්ත තෙරේසා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාගය සදහා වාඩිවූ පාසල් දරුවන්ට අව්වේ වාර විභාගයට ලියන්නට සිදුවූ සිදුවීමක් ගැන දෙමාපියන් හා ප්‍රෙද්ශවාසීන් පවසති. ඇතැම් දරුවන් කුඩ ඔසවාගෙන විභාග පත්‍රයට පිළිතුරු ලියූ  අතර , දරුවන්ගේ විභාග මේස ගොඩනැඟිලිවලින් එළියේ දමා තිබු බවත් දෙමාපියන් පවසති. දරුවන් අව්වේ පැය ගණනාවක් විභාග වෙනුවෙන් පෙනී සිටි අතර, දරුවන් ඒ හේතුවෙන් මහත් පීඩාවට පත්වී තිබේ. පාසලේ ගුරුවරුන් හා විදුහල්පතිවරයා අතර ඇතිවී ඇති මතභේදයක් හේතුවෙන් පාසල් දරුවන්ට මෙම ඉරණමට මුහුණ දිමට සිදුවී ඇත. විදුහල්පතිවරයා සහ පාසලේම ගුරුවරුන් අතර ඇතිවී ඇති මෙම ගැටුම නිසා විභාගයට පෙනී සිටි දරුවන් කොටසකට ගොඩනැගිලි ඇතුලේ විභාගය ලියන්නට ඉඩ සලස්වා ඇති අතර කොටසකට ඒලියේ විභාගයට ලියන්නට සිදුවී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීමට ප්‍රදේශයේ කිසිදු අධයාපන බලධාරියෙකුටද හැකිවී නොමැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article