Saturday, September 21, 2024

කිරි පිටි,ගෑස් වලට දැන් මොකද වෙන්නේ ?

Must read

කිරිපිටි, ගෘහස්ථ ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරිමට රජය තීරණ කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් සමග ඊයේ පැවති සාකච්ජාවේදී මේ සම්බන්ධයෙන් වන තීරණය ගෙන තිබුණි.

එමෙන්ම අනවශ්‍ය ලෙස මෙම භාණ්ඩ වල මිල ගණන් ඉහළ දැමීමට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන ලෙසටද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය සදහන් කර තිබේ.

කිරිපිටි ,ගෑස් ,තිරිඟුපිටි සහ සිමෙන්තිවල මිල ගණන් වැඩි කිරිම ඒවායේ පිරිවැය ආවරණය වන පරිදි සිදු කිරීම සඳහා පාරිභෝගික අධිකාරියට පැවරීමට ද කැබිනට් මණ්ඩල රැස්විමේදි තීරණය වී ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

ගෑස් සිලින්ඩරයක මිල රු.555කින් ද, කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු.300කින් ද, සිමෙන්ති කොට්ටයක මිල රු.100කින් සහ තිරිඟු පිටි කිලෝවක මිල රු.20කින් ද ඉහළ දැමිය යුතු බව එම සමාගම් හිමිකරුවන් සහ ආනයනකරුවන් දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කරනු ලැබ තිබුණි.

මේ අතර ගෑස් කිරි පිටි වැනි භාණ්ඩ පසුගිය කාලය තුල කිසි සේත්ම වෙළද පොළ තුල නොතිබුණ තත්වයක් පැවති අතර බොහෝ දෙනා කියා සිටියේ මිළ වැඩි කළ පසු ඒ්වා වෙළද පොළ තුල සුලබ වනු ඇති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article