රූපවාහිනී සංස්ථා සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය විසින් තමන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට බලපෑම් කළ බවට කරන චෝදනාව පදනම් විරහිත බවත් හැකිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් වන කැලුම් පාලිත මහීරත්න මහතා අභියෝග කරයි.
පසුගියදා ජනාධිපතිතුමන් විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරගැනීමට පෙර එහි සභාපති තනතුර සඳහා කැලුම් පාලිත මහීරත්න මහතා පත්කිරීමට ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කටයුතු කළේය.