Wednesday, January 8, 2025

කැලුම් ජයසුමන ලබන 04 දක්වා රිමාන්ඩ්

Must read

whatsapp sharing button
messenger sharing button
( 8.30 am ) පරිගණක අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබු ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමන ඊයේ  (01) පස්වරුවේදී කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කර තිබේ.එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් සම්බන්ධයෙන් මහජන කැළඹීමට තුඩුදෙන පැරණි වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි සැකපිට ඔහුව සිය නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුනේ ඊයේ  (01) අලුයම 1.45 ට පමණ ය.

කැළුම් ජයසුමන පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (සිලින්ඩරය) යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කළේය.

cye56f
අසත්‍ය ප්‍රචාර සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් තිදෙනෙක් අත්අඩංගුවේ

එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන්තාවයක් ඇතිකිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් තවත් සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය දින කිහිපයේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

මේ අතර නව රජය ද ප්‍රති ත්‍රස්ත පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ ක්‍රියාකාරීන් ගේ විරෝධය එල්ලවී ඇත.

”යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට ආගමික අන්තවාදයට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ”

කෙසේවුවද 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයයට එක්වෙමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය නොවැම්බර් 21 දා ප්‍රකශ කර සිටියේ, යළි අපේ රටේ ජාතිවාදී දේශපාලනයට හෝ ආගමික අන්තවාදයට හිස එසවීමට කිසිඳු අකාරයේ ඉඩක් නොදෙන බව යි.

“කිසිවෙකුට අපේ රටේ යළි දේශපාලන බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ජාතීවාදී, ආගම්වාදී, සටන්පාඨ ගොඩනැගීමට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා…” යයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

එවැනි ජාතිවාදී දේශපාලන හා ආගමික අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි ඔහු විසින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට විශේෂ දැනුම්දීමක් ද කර තිබිණ.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article