අලි මිනිස් ගැටුමක දිගටම පවති. අසරණ ගැමියන් මෙන්ම අලින්ද ඊට ජිවිත වලින් වන්දි ගෙවති
අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඊයේ ( 31 ) රාත්‍රියේ අලියකු පහරදීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගිය අවස්ථාවේදී ප්‍රදේශ වාසීන් විරෝධය පෑම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇත.
එම ස්ථානයේ රැස්ව සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.එහිදී පිරිස අතර සිටි අයෙකු විසින් එල්ලකළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
අලින්ගේ පහරදිම් වලින් පසුව ජනතාව විවිධ අවස්ථාවලදි විරෝධතා දැක්වුවද මෙම ජිවිත විනාශ කෙරෙන ප්‍රශ්ණයට නිසි විසදුමක් ගෙන ඒමට එදා මෙදා තුර පත්වු සියළු ආණ්ඩු අපොහොසත්ය