Friday, September 20, 2024

කාලගුණයෙන් රතු නිවේදනයක්

Must read

තද වැසි හා තද සුළං පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) සහ හෙට (29) බලාපොරොත්තු වේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇති වේ.

දකුණු පළාතෙත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල පැයට කිලෝ මීටර 60-70 ත් අතර තද සුළං ඇති වේ.

මේ හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයැම් හා පහත්බිම් ජලයෙන් යටවිය හැකි බවත්, මාර්ග අසළ ඇති ගස් හා ගල් ගැලවී යා හැකි බවටත් එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article