Sunday, May 12, 2024

කාබනික පොහොර කොන්ත්‍රාත්තුව හිමි චීන සමාගම වන්දියක් ඉල්ලයි

Must read

තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම විසින් ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එන්තර වාසියක් යවා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට “HIPPO SPIRIT” නැමැති එම නෞකාව කළුතර – බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව Marine Traffic වෙබ් අඩවිය මගින්ද තහවුරු කර ඇත. මෙම නෞකව කොළඹ වරායට පැමිණෙන බව තමන්ට දැනුම් දී නොමැති බව හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා සදහන් කල බවද අදදෙරණ වෙබ් අඩවිය වාර්තා සදහන් කරයි

මේ අතර මෙම මතභේදාත්මක අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වු චීන නෞකාව මෙරටට ඇතුළු කර ගැනීමේ උත්සහයක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා අනුරාධපුර ප්‍රදේශයේ දී පසුගියදා ප්‍රකාශ කල අතර ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ මෙම නෞකාව සම්බන්ධයෙන් අධිකරණ කටයුත්තක් විභාග වෙමින් පැවතීම හේතුවෙන් එම කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාවට මෙරටට ඇතුළු වීම සඳහා අවසර ලබානොදෙන බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article