Tuesday, September 15, 2026
spot_img

කාත්තාන්කුඩිහී වෙළඳසැලක් ගින්නෙන් විනාශ වෙයි

Must read

මඩකලපුවේ කාත්තාන්කුඩි  හි වෙළඳ මධ්‍යස්ථානයෙහි වෙළඳසැලක ඇති වූ ගින්නකින් එක් අයෙකු තුවාල ලබා ඇති අතර රුපියල් බිලියන ගණනක් වටිනා භාණ්ඩ ගින්නෙන් විනාශ වී තිබේ. වෙළඳ මධ්‍යස්ථානයෙහි ගින්න හටගෙන ඇත්තේ පසුගිය 03 වන දා  පෙරවරු 10.00ට පමණ වන  අතර   කාත්තනාන්කුඩිහි ප්‍රධාන මාර්ගයේ  පිහිටා ඇති සිල්ලර වෙළඳසැලක් මෙම ගින්නෙන් විනාශ විය. වෙළඳසැල් හිමිකරු තුවාල ලබා කෝටි ගණනක් වටිනා භාණ්ඩ අළු වී තිබේ. මඩකලපුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය පැය දෙකක පමණ ප්‍රයත්නයකින්  පසු ගින්න පාලනය කර ඇත. ඒ අතර එම  වෙළඳ සංකීර්ණය තොග සහ සිල්ලර වෙළඳසැල් වලින් සමන්විත වෙළද සංකීර්ණයකි. ඒ අසල  ගෑස් ඒජන්සියක් ද පිහිටා තිබෙන අතර  අසල ගොඩනැගිල්ලේ සිටි අය බියෙන් පසුවූ අතර  පැය කිහිපයක් එම ස්ථානයෙන් පිටවී සිටියහ.


දේවා

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article