ඊයේ (11) ඉන්දියාව සමග පැවති එක්දින තරගයේදී සිය 300 වන එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ ක්‍රිස් ගේල් අනාගතයේදී බිද දැමිය නොහැකිවේයැයි සිතෙන තවත් වාර්ථාවක් තමන්සතු කර ගැනීමට සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් දූපත් බිහිකල අග්‍රගණය පිතිකරුවෙකු වන බ්‍රයන් ලාරා ලබාගත් එක්දින ලකුණු ප්‍රමාණය පසුකර යමින් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කල බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවා බවට පත්වෙමිනි.
ලාරා එක්දින ලකුණු 10,405ක් ලබාගෙන සිටි අතර ගේල් ඉන්දියාව සමග තරගයේදී එම වාර්ථාව පසුකරයමින් මේ වන විට ලකුණු 10,408හිරැදී සිටියි.