Friday, September 20, 2024

ක්‍රිකට් ක්‍රීඩකයන් බස් එකේ යවා නිලධාරීන්ට යන්න ගුවන්යානයක් කැදවයි

Must read

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගවලියේදී ඊයේ (26) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තරගය සදහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ක්‍රීඩාංගණය වෙත යෑම සදහා බස් රථයක් වෙන් කර නිළධාරීන් 50ක් යෑඹ සදහා ගුවන් යානයක් යොදවාගෙන ඇතැයි වාර්ථා වෙයි.

මෙහිදී තරගය පැවැත්වීමට දින තුනකට පෙර ශ්‍රී ලංකා පිල හා බටහිර ඉන්දීය කොදෙව් පිල බස්  රථ වලින් ක්‍රීඩාංගණය වෙත යවා නිලධාරීන් මෙසේ ගුවන් යානයක් වෙන් කරවාගෙන ඇත.

මේ සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙලාගත් සාපායන් තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් හර ගොස් නැති බව නැවත නැවතත් ඔප්පු වෙමින් පවතී. පත්වූ කිසිදු රජයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ අගාධයෙන් ගොඩ ගැනීම සදහා කටයුතු නොකිරීම දැන් ප්‍රත්‍යක්ෂය. පසුගිය ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් යම් කිසි කාර්යභාරයක් ඉටුකල අතර නමුත් එයද ප්‍රමාණවත් නෙොවිණි.

මේ වන විට මාරුවෙන් මාරුවට ක්‍රිකට් පරිපාලනයට පත්වන්නන්ට ක්‍රිකට් යනු මුදල් ඉල්ලමක් මිස වෙන කිසිවක් නොවනබව පැහැදිලිය.

 

 

 

 

(මූලාශ්‍රය – ජනයුගය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article