Sunday, May 19, 2024

කව්ද ෆේස් බුක් තහනම් කරනව කියල කිව්වේ ?

Must read

ෆේස් බුක් තහනම් කරන්න යනවා යැයි කථාවක් දැන් බුකිය යම් පමණකට කළඹා ඇති බවක් පෙනේ .
ඇතැම් වෙබ් අඩවි විසින් මේ ගැන ලිපියද  පළකොට තිබේ.
එපමණක් නොව අද දිනයේ විද්‍යුත්  නාලිකා ප්‍රවෘත්ති වලටද මෙය ප්‍රධාන මාතෘකාවක් වි තිබුණ අතර ඒ ගැන ජනමාධ්‍ය ඇමතිවරයාද අදහස් දක්වමින් කියා තිබුනේ ෆේස් යනු එසේ තහනම් කළ හැක්කක් නොවන බවය.
මේ සංවාදය මෙසේ ඉදිරියට යමින් තිබියදි අප විමසා බැලුවේ ඇත්තට ෆේස් බුක් තහනම් කරනවා යැයි කිවේ කව්රුන්ද කියාය.
.ඒ ගැන බුකිය විසින් කුරුසියේ ඇණ ගසා තිබුනේ ජනමාධ්‍ය   අමාත්‍යංලේකම් නිමල් බොපගේ මහතාවය.
එහෙත් අන්තර්ජාලයේ සැරිසරන ඔහුගේ ප්‍රකාශය ඇතුලත් විඩියෝ පටයේ ෆේස් බුක් තහනම් කරන්නට යන කථාවක් ගැන කියැවෙන්නේ නැත.
දවසකට ෆේස් බුක් තහනම් කළොත් මොකද වෙන්නේ යැයි ප්‍රශ්ණය ක් ඔහු නගා තිබුනේ ෆේස් බුක් අද කොයිතරම් නම් ජනප්‍රියද යන කරුණු තවත් ඉස්මතු කොට දැක්විම සදහාය යන්න අපගේ අදහසයි.
සමාජ මාධ්‍යවලට මෙවන්ම වෙබ් අඩවි සදහාද ආචාරධර්ම පද්ධතියක් හැදිමේ අවශ්‍යතාවක් ගැන නම් ඔහු යම් අදහසක් දක්වා තිබුණි.එය ඇත්තටම වැදගත් වන අතර වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් දැනටමත් එවන් ආචාරධර්ම පද්ධතියක් සකස් කොට හමාරය.
තතු මෙසේ නම් දැන් බුකිය කලබල වි සිටින්නේ ඇයි? කලබල කරවන්නේ කව්ද?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article