Friday, September 20, 2024

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Must read

“දමිළ එක්සත් නිදහස් පෙරමුණේ“ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (21) තීරණය කළේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශකර ඇත්තේ ඉදිරි මහමැතිවරණය සඳහා තරඟවදින අපේක්ෂකයින් කැඳවා විමර්ශන සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇති බවට මාධ්‍ය ඔස්සේද තොරතුරු වාර්තා වී ඇති බවත්, සිද්ධියට අදාළ පොලිස් විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින බව පෙනී යන හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් සාධාරණ කරුණු කිසිවක් අනාවරණය නොවන බව පවසමින් පෙත්සම නිෂ්ප්‍රභාකරන බව ප්‍රකාශයට පත් කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය ලබාදී ඇති අතර පෙත්සම ගොනු කර ඇත්තේ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු බෝසෙත් කලෙහේ පතිරණ මහතා විසිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article