Thursday, January 23, 2025

කන්තලේ ජලාශයේ වේල්ල මත ඇවිදින මංතීරු ඉදිකිරීමත් අත්හිටුවයි

Must read

කන්තලේ ජලාශයේ වේල්ල මත, ඇවිදින මංතීරුව ඉදිකිරීම තාවකාලිකව අත්හිටවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කන්තලේ, ත්‍රිකුණාමලය, කින්නියා යන ප්‍රදේශවලට පානිය ජලය සපයන මෙන්ම ගොවිබිම් අක්කර විශාල ප්‍රමාණයටකට ජලය සපයන කන්තලේ ජලාශයේ වේල්ල මත මෙම ඉදිකිරීම සිදුකිරීමට මහ සංඝරත්නයෙන් මෙන්ම ප්‍රදේශයේ ජනතාවගෙන් විරෝධය එල්ල විය.

මින් පෙර මහා සංඝරත්නය හා ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ‍සැලසුම් කළ ඇවිදින මංතීරුව ඉදිකිරීම ද අත්හිටුවීමටද තීරණය කර තිබේ. මේ වන විට ඇවිදින මංතීරු ඉදිකිරීම සදහා ඉවත් කල පරාක්‍රම සමුද්‍රයේ රළපනාව යළි සකස් කිරිමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා ඊයේ සදහන් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article