ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අනවසර සංක්‍රමණිකයන් 18 දෙනෙකු අද උදෑසන (17) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත. ගුවන්තොටුපල නිලධාරීන් සදහන් කලේ පර්ත් නුවර සිට පැමිණි විශේෂ ගුවන්යානයකින් මෙම පිරිස සමග ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකුද මෙරටට පැමිණි බවයි.
මෙම පිරිස මෙරටට රැගෙන එනතුරු පැපුවානිව්ගිනිහි රැදවුම් කදවුරක රදවා තබා ඇත.