Friday, September 20, 2024

ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීනිය නිදහස් කරන්න- චීනයට බලපෑම්

Must read



ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී ‘චෙන්ග් ලේයි ‘ නිදහස් කරන ලෙස චීන රජයට බල කර සිටිමින් ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කණ්ඩායම් 50 ක් පෙත්සමක් අත්සන් කර ඇත.

“නීතිවිරෝධී ලෙස රාජ්‍ය රහස් විදේශයන්වලට සැපයීමේ සැකයක් මත” චීනයේදි ලී අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 අගෝස්තු 13 වන දිනදය. අත්අඩංගුවට ගැනීමට පෙර ඇය රාජ්‍ය මාධ්‍ය වන චයිනා ග්ලෝබල් ටෙලිවිෂන් නෙට්වර්ක් (සීජීටීඑන්) හි රූපවාහිනී ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරමින් ව්‍යාපාරික මාධ්‍යවේදිනියක වූවාය.

කොරෝනා වයිරස් වසංගතය සහ මානව හිමිකම් ගැටලු හේතුවෙන් චීනය සහ ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් උත්සන්න වන අවස්ථාවක ඇය අත්අඩංගුවට ගන්නා ලදී. චෙං ලෙයි අත්අඩංගුවට ගෙන වසරක් ගතව ඇතත් චීන බලධාරීන් තවමත් මාධ්‍යවේදියාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කර නැත.

මේ නිසා ඕස්ට්‍රේලියාවේ චෙං ලීගේ හිටපු සගයන් විසින් මාධ්‍යවේදියා නිදහස් කරන ලෙස බීජිං වෙත විවෘත ලිපියක් කෙටුම්පත් කිරීමට යොමු විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article