Monday, May 20, 2024

ඔප්පු කළ නොහැකි චෝදනා නගා 15 අවුරුද්දක් සිරකොට සිටි දෙමළ 3ක් නිදහස්

Must read

විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයකු කොළඹදී ඝාතනය කිරීමට තැත්කළ බවට ඔප්පු කරගත නොහැකි

චෝදනා නගා පහලොස් වසරකට වැඩි කලක් සිරගත කර සිටි දෙමළ තිදෙනකුට අධිකරණය මගින් නිදහස් කර යවා තිබේ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් විසින් නොවැම්බර් 10 වැනිදා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි යෝගරාජා නිරෝජන්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා සහ කනගරත්නම් ආදිත්‍යන් යන තිදෙනායි.

කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී 2006 වසරේ අගෝස්තු මස 14 වැනි දා, එවක ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ලෙස කටයුතු කළ බසීර් අලි මොහොමඩ් ගමන් ගත් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා නගමින් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ  විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.

විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ කේ.වී.තවරාසාය. ඔහු  පවසන පරිදි මෙම විත්තිකරුවන් 2009 වසරේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහි නඩු විභාගය ආරම්භ වී ඇත්තේ  2012 වසරේ දී ය.

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාරිමුත්තු සතිවේල් පියතුමා අවධාරණය කරන්නේ  විත්තිකරුවන්ගේ තාරුණ්‍ය වසර 15 ක්  සොරාගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා ජනතාව පාලකයන්ට බල කළ යුතු බවයි.

t56456dfgd

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article