තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ලියවිල්ල වැරදි බවත් තමන් සතුව නිවැරදි ලියවිල්ල පවතින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මේ සම්බන්දයෙන් ඩේලි මිරර් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල ලිපිය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 26වනදා සිට තමන් සතුව තිබෙන බවයි.
ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීමෙන් පසු ආගමන හා ආගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නව ගමන්බලපත්රයද තමන් සතුබවටද ඔහු සදහන් කර ඇත.