Friday, September 20, 2024

එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව වාරණයක් ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Must read

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් ලබා දීම කොළඹ දිසා අධිකරණය විසින් අද (22) ප්‍රතික්ෂේප කළේය.

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ඇතුළු පිරිස විසින්  අදාළ පැමිණිල්න් ඉල්ලා සිටි වාරණය නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය මේ බව දැනුම් දුන්නාය.

මෙම පැමිණිල්ල ගොනුකර තිබුණේ  සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් වන අතර එහි වගඋත්තරකරුවන් වශයෙන්  එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article