(10.30 am ) ජනපති සිරිසේන විසින් දියත් කරන්නට යෙදුන කුමන්ත්රණය විසින් දැන් රට වලපල්ලට ඇදගෙන යමින් තිබේ.මේ අතර ජනපති සිරිසේන කලින් පවසා තිබුණේ ඔහු සතුව තවත් තුරුම්පු රැසක් ඇති බවය.
මේ අනුව ඔහු තමා සිටින තාක් කල් අගමැති කම රනිල් වික්රමසිංහට නම් දෙන්නේ නැතැයි පුනා කියා තිබුණි. ඒ අන් කිසිවක් නිසා නොව එජාප තුල බෙදිමක් ඇති කිරිම සදහාය. එය ඉතා නිවරදිව තේරුම්ගත් එක්සත් ජාතික පෙරමුණු නායකයන් සියල්ලෝම එකම ස්ථාවරයක පිහිටා කියා තිබුනේ තමන්ගේ අගමැති වරයා රනිල් වික්රමසිංහම පමණක් බවය.එක්සත් ජාතික පක්ෂය විසින් අග්රාමාත්ය ධුරය සඳහා නම් කරන්නේ රනිල් වික්රමසිංහ මහතා බව සඳහන් කරමින් එජාප සභාපති කබීර් හෂීම් මහතා විසින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙතද ලිපියක් යවමින් දැනුම් දි තිබුණි.
අග්රාමාත්යවරයකු පත් කිරීම සබන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන බව පවසමින් 2018.11.29 වන දින දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් එම පක්ෂයට එක්සත් ජාතික පක්ෂය ස්තූති කරන බව ද කබීර් හෂීම් මහතාගේ ලිපියේ සඳහන්..ලිපියෙහි පිටපතක් ජනාධිපතිවරයා වෙත ද යොමු කර තිබේ.