ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතවීමට හා එසේ සන්ධාන ගතවන්නේ නම් ලාංඡනය තීරණය කිරීම මෙම මස 05 වැනි දින දක්වා කල් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. ඒ අනුව ඒ වන විට ලාංඡනය වෙනස් කිරීම සදහා පොදුජන පෙරමුණ එකග නොවන්නේ නම් 05 වැනි දින මධ්‍යම කාරක සභාව රැස්වී පක්ෂයේ තීන්දුව ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.