රනු මොන්ඩාල් යනු මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ Ranaghat ප්‍රදේශයේ ජීවත්වූ අතිශය දුෂ්කර ජීවිතයක් ගත කල තැනැත්තියකි. අහම්බෙන් මෙන් දිනක් ඇය ගීතයක් මුමුණමින් සිටින විට එය ඇසෙන තරුණයෙකු ඇයගේ මෙම අදහාගත නොහැකි ගායනය වීඩියෝ කර සමාජ ජාලා වෙත මුදා හැර තිබිණි. එම තරුණයා එම වීඩියෝව මුදාහැරි දිනයේ සිට රනු මොන්ඩාල් යනු එක් රැයකින් ඉන්දීය ජනතාව මෙන්ම මුළු ලෝකයම අමන්දානන්දයට පත් කල දිව්‍යමය කටහඩක හිමිකාරිය බව මුළු ලොවම දැනගන්නට විය
මේ වන විට ඇය ඉන්දීය සිනමාවටද පිවිස ඇති අතර ඉන්දිය ගායකයෙකු ,නළුවෙකු හා සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන Himesh Reshammiya මේ වන විට සිය නව චිත්‍රපටයේ පසුබිම් ගායනය සදහා රනූ මොන්ඩාල් තෝරාගෙන් අවසන් අතර චිත්‍රපටයේ පළමු ගීතයද මේ වන විට පටිගත කර අවසන්ය.
රනූ මොන්ඩාල් විසින් දුම්රිය වේදිකාවක ගායන ගීතය
https://www.facebook.com/krishaanDasZubu/videos/1262366750604317/