Saturday, September 21, 2024

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා දෙකකින් ඉවත් වීමට රජය තීරණය කරයි

Must read

2015 සහ 2019 කාලය තුලදී යහපාලන රජය විසින් එකගතාවය පල කරන ලද  30/1 සහ 40/1 යන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) යෝජනාවලින් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ.
පවත්නා දේශපාලන වාතාවරණය යටතේ ඉහත කී යෝජනා දෙක ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තීන් වලට  නොගැලපෙන නොවන බැවින් එම යෝජනා වලින් ඉවත් වීමට රජය තීරණය කර ඇත.

.විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා ලත් හමුදා සෙබළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනා දෙකට ඇතුළත් වන කාර්යයන් වෙයි.

මෙම තීරණය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ලබන සතියේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයට නිල වශයෙන් දැනුම් දීමට නියමිත අතර ඊට පෙර එය කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

යහපාලන ආණ්ඩුව 2015 සහ 2016 වසරවල මෙම යෝජනා දෙක ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කොට ඊට අනුග්‍රාහකත්වය ලබාදී තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article