Thursday, May 16, 2024

උසස් අධ්‍යාපනය හැදෑරීමට රන්ජන්ට අවසර

Must read

බන්ධනාගාරයේ සිට සිය උසස් අධ්‍යාපන කටයුතු කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවසර හිමිව තිබේ.

සිය උසස් අධ්‍යාපන හැදෑරීම් සදහා අවසර ලබාදෙන ලෙස රාමනායක මහතා සිදුකල ඉල්ලීම සැලකිල්ලට ගිනිමින් අධිකරණ අමාත්‍යවරයා විසින් අදාල අවසරය ලබාදෙමින් නිවේදනයක් නිකුත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව රාමනායක මහතාට වැලිකඩ බන්ධනාගාරයේ සිට බාහිර උපාධි පාඨමාලා දේශන පැවැත්වීම සඳහා අවසර ලැබෙන අතර බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ අන්තර්ජාලය ඔස්සේ දේශනවලට සහභාගි වීමට අවසර ලබා දෙන බව තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පවසයි. එමෙන්ම හිටපු මන්ත්‍රීවරයාගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පෙළපොත්, අතිරේක සටහන් සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒමට ද අවසර හිමිවේ.

රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තරුණ හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ බාහිර උපාධි පාඨමාලාවක් සඳහා ඉල්ලුම් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article