Wednesday, December 25, 2024

උරුමය දඹුල්ලෙන් ඇරඹේ !ජනපතිවරණය ඔක්තෝබර් මුල සතියේ ?

Must read

මෙවර අයවැය යෝජනාවක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් වන ඉඩම් අයිතිය ජනතාවට ලබාදීමේ “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම අද ඇරඹේ

මේ පිළිබඳ සැලසුම් සකස්කරලා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විදිහට අපි මේ වැඩසටහන අදියර තුනකින් කරගෙන යන්න සැලසුම්කරලා තිබෙනවා. සියලු ප්‍රාදේශිය ලේකම්වරු , ඉඩම් නිලධාරීන් , ග්‍රාම නිලධාරීන් සියලුදෙනා එකතුවෙලා මේ වැඩසටහන ක්‍රියාක්මක කරනවා. එහි පළමුවෙනි අධියර ලෙස ඉඩම් අවසරපත්‍ර ඉල්ලලා තිබුණු 10 000 දෙනා තෝරාගෙන ඒ පුද්ගලයින්ට අලුතෙන්ම ඔප්පු ලබාදීම පෙබරවාරි 05 දා දඹුල්ලේදී ලබාදීමට කටයුතු සුදානම්කරමින් පවතිනවා. සින්නකර ඉඩම් ඔප්පු ඉල්ලු වැඩිම පිරිස දැනට සිටින්නේ අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. එම පිරිස පන්දාහකට වැඩියි යැයි ආදාල බලධාරින් මාධ්‍ය වෙත පවසා තිබුණි

පළමුවැනි අධියර එලෙස ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට මහජනතාවට රජයෙන් ලබාදුන් දීමනාපත්‍ර අවසරපත්‍ර ලක්ෂ 20 ට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලුදෙනාට උරුමය ඔප්පු ලබාදීමට රජය කටයුතු කරනවා. සියලුදෙනාට එය ලබාදීමට වසර තුන හතරක් ගතවේවි. එකවරම සියලුදෙනාට ලබාදීමට හැකියාවක් නැහැ. යනුවෙන්ද  සඳහන් කළේය.

මේ අතර ඇමති හරින් ප්‍රනාන්දු පවසා තිබුනේ ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසයේ මුල සතියේ පැවැත්වෙන බවය
ඔහුකර ඇති මෙම ප්‍රකාශය ada.lk වෙබ් අඩවිය මෙසේ වාර්තා කර තිබුණි

මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

කව්රුන් අකමැති වුව ද අකමැත්තෙන් වුවත් ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ මහතා එක වතාවක් හෝ ජනාධිපති කරවීම සඳහා රටේ ජනතාවට වගකීමක් පැවරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මේ දිනවල ජනතාව තිත්ත බෙහෙත් බිව්වද දැඩිසත්කාරයේ සිටි රෝගියා වාට්ටු කාමරයට දමා තිබෙන නිසාවෙන් නැවත දැඩි සත්කාර ඒකකයට යනවාද තීරණය කලයුතු බවද හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන උරුමය නමින් ඔප්පු මිලියන දෙකක් ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය 05 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කොට තිබේ. එහි වැඩසටහනේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී හරින් ප්‍රනාන්දු මහතා 03 දින මේ බව සඳහන් කළේය.

ඉදිරියේ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් රටේ මැතිවරණවලින් සියයට තුනක් ගත් කණ්ඩායම් තවත් සියයට 47 ක් සොයා ගැනීම සිහිනයක් බවත් එම සිහින කිසිදු දිනක සැබෑ නොවන බවත් හරීන් ප්‍රනන්දු මහතා පෙන්වා දුන්නේය.  

ලෝකයේ රටක් බංකොලොත් වෙද්දි කෙටිම කාලයකින් ගොඩදැමු එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවද පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ රෝගියෙකු මිය යෑමට දරද්දී තිත්ත බෙහෙත් ලබාදීමට සිදුවන බවය.

රෝගීන් සුවපත් කරන හොඳම වෛද්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහුට තවත් එක අවස්ථාවක් රටේ ජනාධිපති ලෙස අකමැත්තෙන් වුවත් ජනතාවට පත්කර ගැනීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article