Thursday, January 23, 2025

උපාධිධාරී පත්වීම් කොට උඩ : මැයි වෙනතෙක් වැඩසටහන් අත්හිටුවන ලෙස මැ.කො කියලා

Must read

වසරක පුහුණු කාගයක් සදහා රජය විසින් තොරාගත් උපාධිධාරීන් 54,585 දෙනෙකු බදවා ගැනීමේ වැඩසටහන මැයි මාසයෙන් පසු ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට සහ ඊයේ (4 වැනිදා) දැනුම් දී ඇත.

ඒ හේතුවෙන් මෙම වැඩසටහන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සූදානම් කරගත් වැඩසටහනක් බවත්, ඒ හේතුවෙන් රැකියාලාභී උපාධිධාරීන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසත් ඉල්ලමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් ොමු කර ඇති බවද වාර්ථා වෙයි.

නමුත් මේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වන බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් අත්හිට වූ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බවයි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් එවැනි ප්‍රකාශයක් කර නැති බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම ඊයේ(04) දිනයේදි මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ  පැවැති රැස්වීමකදී උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි  මහතා සදහන් කර සිටියේ රැකියා ලබා දෙන බවට පවසමින් උපාධිධාරීන් රැවටීමට ආණ්ඩුව ගත් උත්සාහයට එරෙහිව සියලුම උපාධිධාරීන් ආණ්ඩුවට එරෙහිව පෙලගස්වන බවයි. මැතිවරණ වාසි ලබාගැනීම සඳහා ආණ්ඩුව උපාධිධාරීන් යොදාගැනීම උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තරයේ හෙළා දකින බවද සූරියආරච්චි මහතා එහිදී සදහන් කලේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article