Saturday, September 21, 2024

උතුරේ වැන්දඹු ස්ත්‍රීන්ට සහන දීමට නිලධාරීන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම් වැඩිවෙයි..

Must read

528

පසුගිය සමයේ පැවැති යුධමය වාතාවරණයෙන් පසු උතුරේ බොහෝමයක් පවුල් වල පිරිමි පාර්ශවය මියයාමේ සිදුවීම් වාර්ථා විය.  ඒ අනුව එම පවුල් වල ගෘහමූලිකයා තනතුර හිමිවූයේ පවුලේ කාන්තාවන්ටයි. මෙම වැන්දඹු කාන්තාවන් ගෘහමූලිකයන් වශයෙන් යම් කටයුත්තක් කරගැනීමට යාමේදී රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලද නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබාදීමට සිදුවන බවට කියන සිදුවීම පසුගිය කාලයේදී කාගේත් අවධානට ලක්වූ අතර මේ වන විටත් තවමත් ඒ සිදුවීම් සිදුවන බව හා ඒ තත්වය තවත් වර්ධණය වෙමන් පවතින බව වාර්ථා වේ.

වැන්දඹුවන් ගෘහමූලිකයන් වන පවුල්වලට ස්වයං රැකියා ආරම්භ කිරීම,නිවාස ලබාදීම,වැනි අවස්ථාවන් වලදී පවුලේ කාන්තාවට  එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභයන් ලබාගැනීමට නම් ඒවා සම්බන්ද නිලධාරීන්ට ලිංගික අල්ලක් ලබාදීමට සිදුවන බව පැවසේ.

එම පළාතේ මෙවැනි සිදුවීම් එහි සංස්කෘතියට අනුව විශාල අපකීර්තියක් වශයෙන් සැලකෙන බැවින් මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදුවූවත් මේ වන තෙක් එවැනි පැමිණිලි ලැබී ඇත්තේ 5ක් පමණක් බවත් එම  ප්‍රදේශයේ ක්‍රියාත්මක ස්වෙච්ඡා සංවිධානයක් පවසා ඇත.

 

http://www.thecolombopost.net ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article