Tuesday, September 17, 2024

උතුරේ දේශපාලන සිරකරුවන් සහ දකුණේ සිරකරුවා..

Must read

නිදහස් උත්සවයට පෙර ජාතික  ප්‍රශ්ණයට විසදුමක් ලබා දෙන බවට ජනපති රනිල් වික්‍රමසිංහ දමිල ජනතා නියෝජිතයන් හමුවේ පසුගියදා කියා සිටියේය.

ඊ⁣ට පෙර දමිළ ජනයා දශක ගණනාවක් තිස්සේ පෙළන ප්‍රශ්ණ 3 කට විසඳුම් ලබා දිය යුතුයැයි සියළු ⁣දමිළ දේශපාලන ඒකාවන්ව කියා සිටියහ.

දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම,අතුරුදන් වුවන්ගේ ප්‍රශ්ණය ,සහ හමුදාව විසින් අත්පත් කරගෙන ඇති දමිළ ජනයාගේ ඉඩම් ප්‍රශ්ණය මේ ප්‍රධාන කාරණා තුන විය.

එහෙත් එයට තවමත් රජයෙන් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබි නැතැයි දමිළ ජනතා නායකයෝ පසුගියදා කියා සිටියහ.

ධනපති රාජ්‍යය උතුර සහ නැගෙනහිර එසේ හෑල්ලුවට ලක් කරද්දි ,දකුණේ ප්‍රගතිශිලින් යැයි කියා ගන්නා දේශපාලන සහ සමාජ කණ්ඩායම්ද උතුරේ පිඩිතයන්ගේ ඉල්ලිම් පසෙකට තබා දකුණේ දේශපාලන න්‍යාය පත්‍රයන් උඩට ගෙන දැන් කටයුතු කරමින් සිටිති.

මෙයට කදිමම නිදසුන වන්නේ ශිෂ්‍ය ක්‍රියාධර වසන්ත මුදලිගේ පමණක් මුල් කර⁣ගෙන ගෙන යන උද්ඝෝෂණික ක්‍රියාමාර්ගයයි.

වසන්ත මුදලිගේ වෙනුවෙන් දකුණේ ප්‍රගතිශිලි සමාජය පෙළගැස්සවිම වැදගත් වුවද ඒ හරහා දමිළ බස කථා කරන සමාජය හමුවේ විවර වෙමින් ඇත්තේ අරගලයේ සළු පිළිද පසෙක ලමින් එළියට පැන ඇති පටු උපයෝගිතාවාදි දේශපාලනයයි.ඒ දේශපාලන කුහකත්වය අප තේරුම් ගන්නේ කෙසේද ?

වසන්ත නිදහස් කරන ලෙස රටපුරා පෝස්ටර් ඇලවු වාම ක්‍රියාකාරින් දැන් නගර පුරා පෙත්සම් අත්සන් කරන්නට පටන් ගෙනය.

ඒ වසන්ත නිදහස් කරන ලෙස පවසමිනි.මේ සටන් පාඨය පමණක් දකුණේ සමාජය ප්‍රකට කරමින් සිටින අතරේ මේ බහුතරයකට අමතකව යන්නේ දශකයකටත් වැඩි දේශපාලන සිරකරුවන් උතුරේ සිටින බවය.

දකුනේ අරගලකරුවන් සිය දේශපාලනික ස්ථාවරය ඒ ගාණට කපා ගෙන ඇත. ඔවුන්ට උතුර සහ නැගෙනහිර අමතක වන්නේ අහම්බයකින් නොවේ.ධනපති දේශපාලකයන් උතුරේ සහ නැගෙනහිර පිඩිත ජනයාට වේට්ටු දමා කටයුතු කරනවා සේම දකුණේ ප්‍රගතිශිලින්ද දැන් කරමින් සිටින්නේද එයම නොවේද ?වසන්තලා පමණක් නිදහස් කරන ලෙස රටපුරා පෝස්ටර් අලවා ,පෙත්සම් අත්සන් කරමින් ,මේ ඉහලට ඔසවා තබමින් කියා සිටින්නේ දෙමළුන්ගේ ප්‍රශ්න ඔවුන් විසින්ම විසදාගත යුතුයැයි කියා නොවේද?

දකුණේ ජවිපෙ මෙන්ම ඒ පෙකණි වැලෙන්ම බිදි ආ පෙරටුගාමින්ගේද උතුර සහ නැගෙනහිර එරෙහි ජනයා පිලිබද ඇත්ත කැක්කුමේ තරම වසන්තලා පමණක් නිදහස් කරගැනිමට කරන මේ දැඟලිල්ල තුල කදිමට නිරුපනය වෙමින් තිබේ.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article