ජීවිත ආරක්ෂාව පතා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා යෑමට සිදුවු මුලතිව් මහේස්ත්රාත්වරයාට
යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ හර්තාල් ව්‍යාපාරයක් ඔක් 20 වනදා දියත් කර තිබුණි
දෙමළ ජනයාට එරෙහිව සිදු වන රාජ්‍ය මර්දනයට විරෝධය දැක්වීමත් හර්තාලයේ අරමුණක් බව සංවිධායකයෝ පවසන්නට යෙදුණි
දෙමළ දේශපාලන පක්ෂ හතක් මුල්වී ඔක්තෝබර් 20 කැඳවා තිබු හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත් වල දිස්ත්‍රික්ක රැසක කඩ සාප්පු, ගොවිපල හා කම්හල්, වල වැඩ නවතා දමා ජනතාව ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය දැක්වුහ