පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද(21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.ඒ අනුව, විලී ගමගේ, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද, මුත්තයියා මුරලිදරන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරුන් 9දෙනා ජනාධිපති කාර්යාලයේ ඉල්ලීමක් මත ඊයේ(20) ඉල්ලා අස්වීම හේතුවෙන් එම ධූර පුරප්පාඩු වී තිබිණි.
theleader.lk

