වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (05) දිනයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්ණ වලට පිලිතුරු දීම සදහා කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුව වෙත පැමිණ නොසිටීම හේතුවෙන් ඊයේ දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් බවත් ,ඒ හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කරයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කටයුතු සදහා මූලිකත්වය ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් ද සිදුකර ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී සිදුවූ මෙම සිදුවීම සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.එම්.මරික්කාර්, ශ්‍රිලනිප නියෝජනය කරන දයාසිරි ජයසේකර,ආනන්ද අලුත්ගමගේ,ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක යන මන්ත්‍රීවරුන් සිය විරෝධය පල කර සිටියේය.