Sunday, May 19, 2024

ඉලුපයික්කඩවයි පොලිසියේ කෘෘර පහරකෑමට ලක්වූ තරුණයා රෝහලේ

Must read

 

බීමත් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අතින් බරපතල ලෙස පහරකෑමට ලක්වූ තරුණයෙකු මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ. පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මන්නාරම ප්‍රාදේශීය කාර්යාලයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම සිදුවීමට අදාල පොලිස් ස්ථානය මන්නාම ඉලුප්පයිකඩවයි පොලිස් ස්ථානය වන අතර ඒහි  ඒම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  මාන්තෙයි බටහිර කොට්ඨාශ ලේකම් කොට්ඨාශයේ 3 පිට්ටි ගම්මානයේ පදිංචි සී.නකුලේශ්වරන් (වයස 28) නමැති විවාහක තරුනයාට මෙසේ පහරදි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ පවුලේ සාමාජිකයා මෙසේ අදහස් දැක්වීය.

 පසුගිය 16 වැනි අඟහරුවාදා රාත්‍රියේ මා නිවසේ සිටින විට ඉලුපායි කඩවායි පොලිස් ස්ථානයේ පොලිසිය දුරකථන ඇමතුමක් ගෙන පොංගල් උත්සවයට සාදයක් ගැනීමට අවශ්‍ය බව පවසමින් මත්පැන් අලෙවිසැලට  රුපියල් 5000ක් රැගෙන එන ලෙස මට පැවසුවා.

මම සල්ලි අරන් බාර් එකට ගියා.පොලිසිය මගෙන් රුපියල් 3000ක් අරන් අරක්කු බිව්වා.ඉතුරු රුපියල් 2000 අරන් කිව්වා ඔයාට පරණ නඩුවක් තියෙනවා කියලා. පසුව මම කිව්වා මට කිසිම නඩුවක් නැහැ කියලා මම අදාළ පොලිසියට දන්වා සිටියා. එවිටම බාර් එක ඉදිරිපිටදී මගේ අත් දෙකටම පහර දුන්නා.

ඔවුන් මට යතුරුපැදියකින් අසීමිත ලෙස පහර දුන්නා.මම මැරෙන්න යන නිසා මට පහර දෙන්න එපා කිව්වා.

උඹ මැරියන් කියලා මාව තල්ලු කළා.පොලිසිය පහරදීමෙන් මගේ දකුණු කකුල කැඩිලා වම් කකුලට හොඳටම තුවාල වුණා.

පසුව ඔවුන් මාව ඉලුපයික්කඩවයි පොලිස් ස්ථානයට ගෙන ගියා.ඉලුපයික්කඩවයි පොලිස් ස්ථානාධිපති. අර කියපු කඩු දෙක දාලා ඌට නඩු දාන්න කියලා කිව්වා. ‘එහෙම නොවුනොත් ඔයාට නඩුවක් දානවා’ කිව්වා.ඊට පස්සේ මට විරුද්ධව නඩුවක් දාලා මාව පල්ලමඩු රෝහලට අරන් ගියා.  ඊට පස්සේ මාව එතනින් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලට මාරු කළා.

ඊයේ බදාදා (17දා) මන්නාරම විනිසුරුතුමා රෝහලට ඇවිත් මාව බලලා 3වැනි මාසේ 28 වැනිදාට කල් දැම්මා.

මම විවාහකයි. දරුවෙක් ඉන්නව. මගේ දරුවාට බඩේ සැත්කමක් කළා, මට මගේ පවුලේ අය සහ මගේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් බලන්න තියෙනවා. පහරකෑමට ලක්වූ පුද්ගලයා කියා සිටියේ “මම දැනට කිසිම උදව්වක් නැතිව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ නිසා ඉලුපායි  පොලිසියේ ක්‍රියාමාර්ගයට එරෙහිව මට නිසි පිළියමක් අවශ්‍යයි ,

පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ඥාතීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මන්නාරම ප්‍රාදේශීය කාර්යාලයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මන්නාරම දිස්ත්‍රික්කයේ පොලිසියට එරෙහිව විවිධ පැමිණිලි මානව හිමිකම් කොමිසමේ සහ මන්නාරම දිස්ත්‍රික් පොලිස් අධිකාරිවරයාගේ අවධානයට යොමු වී තිබීමද විශේෂත්වයකි.

ඒස්.ආර්.ලැම්බර්ට් 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article