Saturday, May 18, 2024

ඉරාන කාන්තා අරගලයට සහය පළකරමින් ඉන්දුනිසියාවේත් විරෝධතා..

Must read

පොලිස් අත්අඩංගුවේ සිටියදී 22 හැවිරිදි මහ්සා  අමිනීගේ මරණයෙන් පසු  ඉරානය තුල විරෝධතා රැල්ලක් මතුව තිබේත
1979 ඉස්ලාමීය විප්ලවයේ සිට ඉරානයේ කාන්තාවන් සඳහා අනිවාර්ය පුරුද්දක් වූ ඇගේ හිස් වැස්ම නිසි ලෙස ඇඳීමට අපොහොසත් වීම හේතුවෙන් අමිනී අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.

ඇයගේ මරණය ලෝක ව්‍යාප්ත විරෝධතාවලට තුඩු දී ඇති අතර කාන්තා නිදහස, වාරණය සහ රාජ්‍ය පීඩනය පිළිබඳ සංවාදයක්ද මතු කර තිබේ.

මෙහි වඩාත් වැදගත්ම වර්ධනයක් වි තිබුනේ  වඩාත්ම ජනාකීර්ණ මුස්ලිම් රට වන ඉන්දුනීසියාවේ ද  අමිනීට සහ කාන්තා විරෝධතාකරුවන්ට සහ ඉරානයේ අරගලයට සහය දක්වමින් විරෝධතා පැන නැගී තිබිමයි 

ඔක්තෝම්බර් 18 වන දින, ඉරානයේ විරෝධතාකරුවන්ට එරෙහිව ඉරානයේ ම්ලේච්ඡ මර්දනය, කාන්තාවන්ට දරුණු ලෙස සැලකීම සහ ඉරාන මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීම සඳහා සිය ගණනක් ඉන්දුනීසියානු ආධාරකරුවන්, සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයින් සහ ඉරාන ඩයස්පෝරාවේ සාමාජිකයින් ජකර්තා හි ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිය විරෝධය පළකර ඇත

“අහිංසක මිනිසුන් ඝාතනය කිරීම නවත්වන්න”, “ඉන්දුනීසියාවේ, විවිධ ආගම් සහ ජනවර්ග තවමත් සමගියයි” සහ “කාන්තාවන්, ජීවන නිදහස” යනුවෙන් පුවරුද සමගින්මේ පිරිස විරෝධතාවෙයේ යෙදි සිටියහ

මෙම විරෝධතාවය අතරතුර කාන්තාවන් 10 දෙනකු සිය කෙස් වැටි කපා දමමින් ඉරාන කාන්තා අරගලයට සහය පළ කරන ලදි.

විරෝධතාකරුවන් ඉන්දුනිසියානු රජයෙන් ඉල්ලා සිටියේ ටෙහෙරානය තුල ක්‍රියාත්මක මර්ධනයට එරෙහිව ස්ථාවරයක් ගන්නා ලෙසය.

(ග්ලොබල් වොයිස් ඇසුරෙනි )

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article