Saturday, November 23, 2024

ඉන්ධන පෝලිම් අවසන් කරන්න ලොකුගේට පුලුවන්ද ?

Must read

රටේ ඉන්ධන පෝලිම් වැඩි දිනක් යෑමට පෙර  අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. .

අමාත්‍යවරයා මෙසේ පවසා තිබුනේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව කරමිනි.

ගාමිණි ලොකුගේ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

අද ගල් අඟුරු හිඟයක් නෑ. තවත් නැව් පහක් එන්න තියනවා. ලෝක වෙළෙඳ පොළේ ගල් අඟුරු මිල වැඩිවෙලා තියෙනවා.

ඉන්ධන සඳහා එදා  ගත්තු ණය සියල්ල අපි ගෙව්වා. එදා  තෙල් ගත්තේ ණයට. දැන් අපි  ඉන්ධන  ගන්නෙ මුදලට. ඒකයි මේ විදේශ විනිමය ප්‍රශ්නයක් ඇතිවුණේ.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තෙල් මිල දවසින් දවස වැඩි වෙනවා. තෙල් බැරල් එකක මිල රුපියල් දෙසිය  තිහක් වෙලා තියෙනවා.

දැන් පෝලිම් අඩුවෙලා තියෙනවා. සිකුරාද වනකොට මඟහැරලා යාවි. ඉන්ධන අඩුවෙලා කියලා ඇමතිතුමා කියද්දී මිනිස්සු තෙල් වැඩියෙන් ගහ ගත්තා. ඒකයි වුණේ. විදුලිබල මණ්ඩලයට ඉන්ධන ටොන් දහදාහක් ලබා දුන්නා. ලයිට් නොකපා යන්න.

ඇමතිවරයා එසේ කිවද අද දිනයේත් ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් රටපුරාම දැක ගත හැකි බව ප්‍රාදේශිය මාධ්‍යවේදින් සදහන් කර තිබුණි. IOC මිළ වැඩිකිරිමත් සමගින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් තවත් දිගු වෙනු ඇතැයි සිපෙට්කෝ ඉන්ධන හල් හිමියෝ පවසා සිටිති.

 

ආයෝජක



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article