මුලතිව් මුහුදු සීමාව තුළ සිදුවන ඉන්දීය ධීවරයින්ගේ සාහසික ක්‍රියාවන් හෙළා දකිමින් අද උදෑසන 07.00 ට මුලතිව් හිදී ආරම්භ වූ ධීවරයින්ගේ විරෝධතාවය බෝට්ටු වලින් ආරම්භවී පේදුරුතුඩුව දෙසට ගමන් කරන ලදී.
ඉන්දීය බෝට්ටු තහනම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා ධීවරයින් විසින් විරෝධතා රැලියක් අද දියත් කරන ලදී. සාගර හා ජලජ සම්පත් සඳහා විශාල තර්ජනයක් වන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා තහනම් කිරීම සඳහා 2017 අංක 11 දරණ පනත බලාත්මක කර තිබියදීත් , මෙම නීතිය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මුහුදු සම්පත් විනාශ කිරීම අඛණ්ඩව සිදු කෙරේ. අද මුලතිව් හිදී ආරම්භ වූ ධීවරයින්ගේ විරෝධතාවයට දේශපාලනඥයින් ද එක් වී තිබේ.
ෂන්මුගම් තවසීලන්