මේ වන විට බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් ප්රභේදයන්ට අමතරව කොවිඩ් -19 වෛරසයේ නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
එම නව ප්‍රභේදයට අමතරව මින් පෙර හදුනාගත් වෙනත් විකෘති ප්රභේදයන් ත්‍රිත්වයද ඉන්දියාවේ ප්‍රාන්ත 18කින් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර ඇත.
එරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වාර්ගත ලෙස ඉහළයමින් පවතින අතරතුර මෙලෙස නව ප්රභේදයන් හඳුනාගෙන ඇති නමුත්, ආසාදිතයින් ඉහළ යාමට නව ප්රභේදයන්ගේ බලපෑමක් සිදුව ඇත්ද යන්න පිළිබඳ මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදී තිබේ.