Sunday, May 19, 2024

ඉන්දියාවට මුහුද බදු දීමට විරෝධය පළකරමින් මන්නාරමේදී දැවැන්ත විරෝධයක්

Must read

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුකරන ධීවර කටයුතු අධිකවීමට සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් මන්නාරමේ දී අද විරෝධතාවයක් පැවැත්විණි. මෙම විරෝධතාවයට සහය පළ කරමින් මන්නාරමේ වෙළදසැල් වසා දමා තිබූ අතර  මන්නාරමේ දී පැවති මෙම විරෝධතාවයේදී , උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ට බදු දීමට යාම පිළිබදව සහ ඉන්දීය ධීවරයින් නීති විරෝධී ලෙස මෙරටට පැමිණීම හෙළා දකිමින්   දැවැන්ත විරෝධතාවක ඔවුන් නිරත වන ලදී. මෙහිදී ධීවර සංගම් විසින් සිය විරෝධතා කරුණු සහිතව පෙත්සමක් මගින් රජයට ඉදිරිපත්කරන ලදී.
අද පෙරවරු 10 ට මන්නාරම මහජන ක්‍රීඩා පිටියට ධීවර සංවිධාන නියෝජිතයින්, ධීවරයින්, මහජන සංවිධාන, කාන්තා සංවිධාන නියෝජිතයින් ඇතුළු දස දහස් සංඛ්‍යාත ජනතාවක් රැස්ව සිටියහ.මන්නාරම රදගුරු පදවියේ රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු ඇන්ටෝනි හිමිපාණන් ද ධීවර අරගලයට සහය පළ කර සිටියා.

ඉන්දීය බෝට්ටුවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සමුද්‍ර ක්‍රියාකාරකම්වල යෙදීමට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවට දැනුම් දීමත් ඉන්දීය බෝට්ටුවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සමුද්‍ර ක්‍රියාකාරකම්වල යෙදීමට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයටත් මෙම විරෝධතාවයේදී ධීවර ජනතාවගේ විරෝධය පළකර සිටියා.

එස්.ආර්.ලැම්බර්ට්

 

.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article