Friday, September 20, 2024

ඉදිරි පැය 6 තුල “අම්ෆන්” ප්‍රචණ්ඩ සුළිකුණාටුවක් බවට පත්වීමේ වැඩි හැකියාවක්

Must read

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව අද(18) 2.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊශාන දෙසින් කිලෝමීටර 740 පමණ නැගෙනහිරට ස්ථාන ගත ව පවතින ඉදිරි පැය 6 තුළ දී “අම්ෆන්” සුළි කුණාටුව අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙය ‍උතුරට බරව ඊශාන දෙසට හැරී 20 වන දින වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙයි.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිත දිග ‍කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවල මිලි මීටර 150 ට වැඩි තද වැසි ඇති වෙයි.

දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 ත් අතර විය හැකි අතර දිවයින පුරා අහස වළාකුළින් බරව පවතී.

දකුණ, බස්නාහිර, සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත මිලිමීටර 150 ඉක්මවූ වැසි ඇති වෙයි.

උතුරු මැද , නැ‍ගෙනහිර හා ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article